රියල් fun
♥ හදට ♥ ලියමි ♥
Monday, April 22, 2013
Friday, April 12, 2013
සිත හදා ගමි ඔබෙන් නික්මෙන්නට...
ඔබෙන් නික්මෙන්නට......!!!
පිදු නොයිදුල් සෙනෙහස තබා පූජාසනයක......
හොවා ඔබ පා යුගල මත
පැතුම් පැතුවත් ලග රැදෙන්නට......
ඇවිලුනු රාග ගිනි දැල් මත
අයාලේ ගිය නුඹේ ඔය සිත......
හදුනා ගන්නට නොහැකි වූ මට
පති දම් රැක්කෙමි සත්තකින් මම......
සියල්ල දැනුනෙමි දිනෙක මට
දැවී අලුවිය සියලු පැතුමන්
කදුලු ගoගා ගලා යන විට
සිත හදා ගමි ඔබෙන් නික්මෙන්නට.......
[ මාගේ යෙහෙලියක්ගේ අත්දැකීමක් මත කෙටුවෙමි... ]
මෙවන් පිරිමින් පිරිමිකමටත් නිග්‍රහ කරයි...
Saturday, April 6, 2013
ආදරය විරහව සහ කඳුල.... :'(
ඔයාගෙ පණ වගේ හිටපු ආදරය ඔයාව දාල ගිහිපු මොහොතක ඔයාට දැණුන හැඟීම මොනවගේද ඒ හැඟීම වචනයෙන් කියන්න බෑ... ඒත් ඒ වේදනාව වචනයෙන් ලියන්නම්...!
උත්තරීතර ආදරයක මතකය කොච්චර ලස්සන උණත් අහිමි ප්‍රේමය දැනෙන වාරයක් පාසා නෙතට කඳුළු උණනවා. වෙනද නොදැනුණ අමුතු තනිකමක් හිස් බවක් හිතට දැනෙනවා. සමහර දවස් වලට රෑට නින්දයන්නෙ නෑ, ඒ මතකය සැරෙන් සැරේ ඇවිත් සිත ගාව හොල්මන් කරනවා.අමතක කරන්න කියල ඇස්දෙක පියාගත්තාම ඇස් පියන් යට එයාගෙ රූපෙ මැවි මැවී පේනවා. ඒ වෙලාවට නෙත අඬපු තරම් දන්නෙ බදන් හිටපු කොට්ටය තමයි. දවසෙ කිසිම වැඩක් හරියට කරගන්න බෑ. නිරන්තරයෙන් එයාව මතක් වෙදදි, දකින දකින හැමතැනම, බලන බලන හැමතැනක දීම දකින්නෙ එයාව නේද. මයාවක් වගේ හැමතැනම ඉන්නව වගේ දැනෙනවා. හිත හදාගන්න කියල කට කිව්වත්, කොල පිරෙන්න මොනව ලිව්වත්, ෆෝන් එකට එවපු මැසේජ් ඩිලීට් කරලා දාන්න උත්සාහ කරත්, මතක්වෙන්න දීපු හැමදෙයක් ම පුච්චල දාන්න හැදුවත් කොහොම කරන්නද. සන්තකටම තිබුණු හිත බිදිල ගියාට කොහොමද එහෙම කරන්නෙ. මොනව කරත් ආදරය කරපු හිතකට වෛර කරන්න රිද්දන්න නම් හිතන්න වත් බෑ නේද. ඉන්න තැනක හොඳින් ඇති කියල හොඳින් ඉන්න කියලා දෙයියො බුදුන් ඉදිරියේ කඳුළු පුරවන් කරපු ප්‍රාර්ථනා වලට ඉඩ දීල බලන් ඉන්නවා මිසක් වෙන මොනව කරන්නද. කන්නෙ බොන්නෙ නැතුව පැත්තකට වෙලා කල්පනා කරකර ඉන්නකොට අම්ම බැනපු තරම් අනන්තයි. කවුටු හරි කියපු විරහ ගීතයක් තමන්ගෙ කරගෙන, රෑ නොනිදා කටපාඩම් වෙනකන් ඒක අහපු, අහල හිතේ දුකට අඬපු වාර ගණනත් අනන්තයි අප්‍රමාණයි. සමහර දේවල් ලියන්න බැරි තරමට සංවේදී නිසා නොලියන්න හිතුවා. හදවත සිදුරු කරගෙන ලේ, ඇට, මස්, නහර හරහ ගිහිපු ආදරයේ වේදනාව දරාගන්න බැරිම තැන අන්තිමේදි ජීවිතයෙන් පලා යන්න හිතපු අවස්ථාත් නැතුවම නෙමෙයි නේද...
ගෙවුණු ආදරණීය මතකයට ආදරයෙන් සමුදීලා කඳුළු අමතක කරලා "මගේ පාඩුවේ ඉන්නව මං" කියන තැනට හිත අරන් යන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද. මේ විදිහට කොච්චර නම් දේවල් ලියන්න පුළුවනිද. නොලියූ දේ බොහෝමයි. දැනට ඔය හොඳටම ඇති. මං මෙතනින් නවතින්නම්. තෙරුවන් සරණයි...!
Friday, February 15, 2013
ලෝකය දහම් ඇසින්...
ලෝක සත්වයා නොදකින ලෝකය, දහම් ඇසින්
බුදු පියාණන් වහන්සේ, “ලෝකය” බඹයක් පමණ වූ ශරීරයකට සීමා කළේ නෑ. ලෝකය කුමක් දැයි දැන ගැනීමට ක‍්‍රම කිහිපයක් පෙන්වා තියෙනවා. රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, සහ විඤ්ඤාණ ස්කන්ධය යන ස්කන්ධ පහේ එකතුවෙන් ගොඩනැගෙන පංචස්කන්ධය “ලෝකය” වශයෙන් එක් ආකාරයකින් පෙන්වා තියෙනවා. අතීත, වර්තමාන, අනාගත, අධ්‍යාත්මික, බාහිර, සියුම්, ඝණ, හීන, ප‍්‍රණීත, දුර, ළඟ වශයෙන් ඇසුරු කළ සියලූ රූප, වේදනා, සංඥා, සංඛාරා, විඤ්ඤාණ යන පංචස්කන්ධය ලෝකයට අයිති වෙනවා. මීළඟට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ යන ධාතු කොටස් හයකින් ලෝකය විග‍්‍රහ කරල තියෙනවා. එසේම චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාණ ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු, ජිව්හා ධාතු, රස ධාතු, ජීව්හා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ඨබ්භ ධාතු, කාය විඤ්ඥාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු යන කොටස් දහ අටකින් ලෝකය තවත් ආකාරයකින් පෙන්වා තියෙනවා.
ආයතන වශයෙන් තවත් ආකාරයකින් ලෝකය විග‍්‍රහ කරල තියෙනවා. චක්ඛායතන, රූපායතන, සෝතායතන, ශබ්දායතන, ඝාණායතන, ගන්ධායතන, ජිව්හායතන, රසායතන, කායායතන, පොට්ඨබ්භායතන, මනායතන, ධර්මායතන යන දොළොස් ආකාරයෙන්. එසේම පටිච්ච සමුප්පාද වශයෙන්ද ලෝකය විග‍්‍රහ කරල තියෙනවා. එනම් අවිජ්ජා, සංඛාරා, විඤ්ඥාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන භව, ජාති, ජරා, මරණ යන දොළාස් ආකාරයයි.
අපි, ප‍්‍රියයි මනාපයි කියල හඹායන ලෝකය සම්පිණ්ඩනය කර දැක්වීමක් තමයි මෙම විග‍්‍රහයන්ගෙන් කරල තියෙන්නේ. මෙයට පිටස්තරව ලෝකයට අයත් දෙයක් කියලා පෙන්වන්න කිසිවෙකුටත් බෑ. මේ ලෝකය තුළ තමයි අපිට දුක ඇතිවෙන්නේ. ඒ දුක ඇති වෙන්නේ කුමක් නිසාද? අපි බලාපොරොත්තුවන ආකාරයෙන් මේ ලෝකය තුල අපි කැමති දේ ලැබෙනවා නම්, දුකක් ඇතිවීමට හේතුවක් නෑ. එහෙත් මේ ලෝකය තුළ සිදු නොවනම දේ තමයි අපි කැමති ආකාරයෙන් කිසිම දෙයක් නොපැවතීම.
මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට හැකි, එසේම කිසිම ආකාරයකින් වෙනස් කළ නොහැකි ලක්ෂණ තුනක් බුදු පියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එනම්, අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ෂණයයි. මේ ත‍්‍රිලක්ෂණය හරියාකාරව අවබෝධ කර ගෙන ලෝකය පිළිබඳව යථාවබෝධය ලබාගත්තොත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වෙනවා.
අනිච්චං ඛයට්ඨෙන
අද ත‍්‍රිලක්ෂණය වශයෙන් ප‍්‍රචලිත වෙලා තියෙන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන වචන තුනයි.
යම්පිච්චං නලභති තම්පි දුක්ඛං
යනුවෙන් බුදුපියාණන් වහන්සේ ධම්ම චක්කප්පවත්තන සූත‍්‍ර දේශනාවේ පෙන්වා දෙන ලද ධර්මය, තවත් අවස්ථාවල
යදනිච්චං තං දුක්ඛං – යං දුක්ඛං තදනත්තා
යනුවෙන් ත‍්‍රිපිටක දේශනාවලම පෙන්වා තියෙනවා. යමක් කැමති සේ නැද්ද එය දුකයි යනුවෙනුයි විස්තර වෙලා තියෙන්නේ. රහතන් වහන්සේලා විසින් මේ ධර්මය පවත්වාගෙන ආවේ මුඛ පරම්පරාවෙන් මිස ලිඛිතව නොවෙයි. මේ දහම් පදවල නිවැරදි අර්ථ තේරුම් ගැනීමට තිබූ හෙළ අටුවා වැනසී ගොස් අද පත් ඉරුවක් වත් ඉතිරි වී නොතිබීම, ධර්මාවබෝධය සඳහා මහත් බාධාවක් වී තියෙනවා.
අනිත්‍ය නිසා දුකයි කියලා පසු කලෙක විග‍්‍රහ කළත්, අනිත්‍ය නම් දුකක් වෙන්නෙ කොහොමද කියල නුවණින් හිතා බලල නෑ. ලෝකයේ යමක් අනිත්‍ය නම් දුකයි කියන විට අපි කැමති දේවල් මෙන්ම අකමැති දේවල් යන සියල්ලම දුකද යන ප‍්‍රශ්නය මතු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ අපි අකමැති දේවල් නොවෙයිද? ලෙඩක් දුකක් වුනාම අපි හිතනවා මේ ලෙඬේ මොන තරම් කරදරයක්ද කියලා. කිසියම් ප‍්‍රදේශයක දාමරික පුද්ගලයෙක් ඉන්නවා නම්, ඔහු ඒ ප‍්‍රදේශයට මහා කරදරයක්. මෙවැනි දේවල් නිත්‍ය වුනා නම් සැපක්ද? අනිත්‍ය නිසා දුක නම්, නිත්‍ය නම් සැප විය යුතුයි. කිසියම් පිළිකාවක් වැනි දෙයක් නිත්‍ය නම් සැපද? ගමට රටට කරදරකාරී පුද්ගලයෙක් වැනසී ගියා නම් ඔහුගෙන් පීඩාවට පත් වූ අයට දුකද?
බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධම්ම චක්කප්පවත්තන සූත‍්‍රය මුල්කරගෙන සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ සච්ච විභංග සූත‍්‍රයේදී “යම් පිච්චං නලභති තම්පි දුක්ඛං.” යන ධර්ම කාරණය තවදුරටත් විග‍්‍රහ කරල තියෙනවා.
‘‘කතමඤ්චාවුසෝ, යම්පිච්චං නලභති තම්පි දුක්ඛං?’’
‘‘අවැත්නි යමක් කැමති සේ නොලැබීම දුකක් වන්නේ කෙසේද?
එය මෙසේ විභංග කර දක්වනවා.
‘‘ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡුා උප්පජ්ජති.’’
අවැත්ති, මේ ජාති ධර්ම කෙරෙහි සත්ත්වයින්ට මෙවැනි කැමැත්තක් ඉපදෙනවා.
‘‘අපෝ වත මයං න ජාති ධම්මා අස්සාම’’
අනේ, මට මෙහෙම ජාති ධර්මයක් හට නොගන්නවා නම් කියලයි.
‘‘න ඛෝ පනේතං ඉච්ඡුාය පත්තබ්බං’’
එහෙත් එය කැමැත්තට සිද්ධ වෙන්නෙ නෑ.
‘‘ඉදම්පි යම් පිච්චං නලභති තම්පි දුක්ඛං’’
යමක් කැමති සේ නැද්ද එය දුකක් වන්නේ මෙසේය’’
මේ ආකාරයෙන් ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන සියලූ කරුණු කැමති සේ නැති නිසා දුක ගෙන දෙන ආකාරය සච්ච විභංග සූත‍්‍රයේ මනාව පැහැදිලි කරල තියෙනවා.
එසේ නම් මේ ලෝකය තුළ තියෙන ජාති ධර්ම මොනවාද? ඇස, රූප, චක්ඛු විඤ්ඤාණ, චක්ඛු සම්ඵස්ස, චක්ඛු සම්ඵස්සජා වේදනා කියන මේවා ජාති ධර්මයි. කන, ශබ්ද, සෝත විඤ්ඤාණය, සෝත සම්ඵස්ස, සෝත සම්ඵස්සජා වේදනා කියන මේවා ජාති ධර්මයි. මේ ආකාරයට නාසය, දිව, කය, මන තුළින් ද ජාති ධර්ම ගොඩ නැගෙන ආකාරය වටහා ගත යුතුයි. (සං:නි: (4), 56 පිටුව, ජාති ධම්ම සූත‍්‍රය)
යමක් ජාති ධර්ම නම් ඒ සියල්ල ජරා ධර්ම වෙනවා. උපන් හැම දෙයක්ම ජරාවට පත්වීම උරුමයි. මේ අනුව ව්‍යාධි ධර්මයකුත් උපදිනවා. හටගත් යමක් ඇත්නම් මේ ආකාරයෙන් විපරිනාමයට පත්වෙලා වැනසී යන නිසා මරණ ධර්මයකුත් ඒකට උරුමයි. ඡන්ද රාගයෙන් මේවාට බැඳිලා එ්වා ඇසුරු කරන්න ගියාම දුක්ඛ, දෝමනස්ස, උපායාස හටගන්නවා. මේ ආකාරයෙන් තමයි දුක හටගන්නේ. හටගන්න හැම දෙයක්ම විපරිනාමයට පත්වී වැනසී යාම ලෝක ධර්මතාවයක්. එවැනි දේවල් තුළ ඇති ප‍්‍රිය ස්වභාවය සහ මධුර ස්වභාවයට ප‍්‍රිය කරලා, ඒවා මෙසේ පවතීවා කියල හිතුවට ඒක මුලා සිතිවිල්ලක් පමණයි. අනාදිමත් කාලයක පටන් හටගෙන, සදාතනිකව පවතින කිසිවක් ලෝකය යයි ගොඩ නැගිලා තියෙන සම්මුතිය තුළ පෙන්වන්න බෑ. මෙසේ කැමති සේ පවත්වන්න බැරි ලෝකයක් තුළ කැමති සේ පැවැත්වීමේ බලාපොරොත්තුවක් තිබුණ නම් ඒ මුලා අදහස අත්හැරී ගොස්, ලෝකය අත් හැරීමෙන්, නො ඇලීමෙන්, මිදීමෙන් ලබන සැනසීම ලබනවා.
පටිසම්භිධාමග්ගප‍්‍රකරණය යන මූලික අටුවා ග‍්‍රන්ථයෙහි පෙන්වා තියෙනවා
අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති
යනුවෙන්. මෙහි අදහස, ක්ෂය අර්ථයෙන් අනිච්චයි, භය අර්ථයෙන් දුකයි, අසාරයි යන අර්ථයෙන් අනත්තයි යන්නයි. ක්ෂය අර්ථයෙන් අනිච්චයි කියන විට මෙහි ක්ෂය කුමක්ද යන්න විමසා බැලිය යුතුයි. මේ ත‍්‍රිලක්ෂණය ප‍්‍රඥාවට ගෝචර වන දහමක්. ලෝක සම්මතයට අනුව ක්ෂය කියන්නෙ ගෙවෙනවා, වැනසෙනවා යන අදහසයි. මේ ප‍්‍රඥාවෙන් දැකල කියන දෙයක් නෙවෙයි. සිත තුළ ක‍්‍රියාත්මක වන චෛතසිකවලිනුයි මෙහෙම දකින්නේ. දැකපු දෙය වේදනා චෛතසිකයට දැනිලා, සංඥා චෛතසිකයෙන් හඳුනා ගන්නවා. හටගත් දෙයක් වැහැරෙන වැනසෙන බව බෞද්ධ නොවන කෙනෙකුගෙන් ඇහුවත් එ් අයත් නැහැ කියන්නෙ නෑ. මේ අදහස නම් “අනිච්ච” කියන්නෙ, එසේම මේ කරුණ හැමදෙනාටමත් වැටහෙනව නම්, “අනිච්ච” යන්න අවබෝධ කර දෙන්න බුදු කෙනෙක් ලොව පහළ වෙන්න අවශ්‍යද?
ප‍්‍රඥාවෙන් “අනිච්ච” දකින්න නම් ධර්මය දකින්න ඕන. ධර්මය දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕන. එසේනම් බුදු දහමේ පෙන්වන වැනසීම කුමක්ද? සුචරිතවත්ව හැදුනු ගැහැණු ළමයෙක් දුශ්චරිත කරන පිරිසකට එකතු වී චරිතය විනාශ කරගත් විටෙක, ඒ ළමයා විනාශ වුනා කියලා අපේ පැරණි අය කියනවා. මේ ආකාරයෙන් කෙනෙක් මරණයට පත් වුනාම පමණක් නෙවෙයි විනාශ වුනා කියන්නෙ. “අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනො පදං” මේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ මරණය. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් දූෂිත නොවී, සුචරිතය ඇසුරු කරමින් සිටින පුද්ගලයා ඉන්නෙ අමත පදයේ හෙවත් නොමැරෙන පදයේ. යහපත් පුද්ගලයෙකුගේ කය මැරුණත් ගුණ මැරෙන්නෙ නෑ. නමුත් මේ ගුණ විනාශ කරගත්තොත් සිදුවන ගුණ මරණයයි ක්ෂය කියන්නෙ.
ගුණ මරණ දහම් මොනවද? රාග, ද්වේශ, මෝහ කියන්නේ ගුණ මරණ දහම්. රාග, ද්වේශ, මෝහවලට ගෝචර වන ලෝක සත්ත්වයා, එ්වා ප‍්‍රිය ස්වභාවයකින් මධුර ස්වභාවයකින් ඇසුරු කරමින්, ආස්වාදය සොයා එ්වා පසු පස හඹා යනවා. මේවායින් මානසිකත්වය කිළිටි වීමෙන් පැවැත්ම තුළ යළි යළිත් ජීවිත ගොඩ නැගිල ජරා, මරණ, දුක්ඛ, දෝමනස්ස උපායාස ආදී ලෝක සම්මතයේ තියෙන දුකට ගෝචරවන පසුතලය හදාගන්නවා. මේ කරුණ පටිච්ච සමුප්පන්නව දැක්ක නම් විනාශ වෙන හැටි දකින්න පුළුවන්. කෙනෙක් රාගාධික වුනොත් ඔහුට ගුණ පේන්නෙ නෑ. තිරිසන් විදිහට කටයුතු කරන්න පෙළඹෙනවා. ද්වේශය ඇසුරු කළා නම් දුෂ්ට මානසිකත්වයක් ගොඩ නැගෙනවා. රාගය වටිනවා කියල ගත්ත නම් මුලාවට පත්වන දෙයක් හොඳයි කියල ගත්ත වෙනවා.
මෙසේ සැප හැටියට දැක්කේ දුක ගෙන දෙන දෙයක් නම් ඒ තමයි අවිද්‍යාව. මෙසේ අවිද්‍යාවේ තීරණයකට බැහැලා හිතන්න, කියන්න, කරන්න පටන් ගත්තා නම් අවිද්‍යා පච්චයා සංඛාරා යනුවෙන් සංඛාර ගොඩනැගීමේ පටිච්ච සමුප්පාද ක‍්‍රියාවලිය සිදුවෙනවා. එ් අනුව මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර යන සසර ගමනට හේතුවන අභිසංඛාර ගොඩ නැගෙනවා. රාගයට සහ ද්වේශයට අනුකූලව ගොඩනැගෙන මේ සංඛාර හේතුවෙන් රාග විඤ්ඤාණ සහ ද්වේශ විඤ්ඤාණ ඇතිවෙනවා. ඉන්පසුව රාගයට පත් වූ පුද්ගලයා රාග සහගත වස්තු පසුපසත්, ද්වේශ සහගත පුද්ගලයා ගැටීමට අවශ්‍ය දේ පසුපසත් හඹායනවා. මෙසේ ඔවුන්ගේ විඤ්ඤාණයන් තුළ නිතරම හටගන්නේ රාග සහගත, ද්වේශ සහගත දේවල්වල නාම රූපයන්. විඤ්ඤාණයේ නාම රූප බැසගන්නවා කියන්නේ එ්කයි.
රාගයෙන් හෝ ද්වේශයෙන් හටගත් නාම රූප විඤ්ඤාණයේ බැස ගත් විට ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රියන්ට එ්වා ආයතන වෙනවා. ඒ අනුව රාග සහගත සළායතන හෝ ද්වේශ සහගත සළායතන පහළ වෙනවා. එයින් ලැබෙන ස්පර්ශය රාග ස්පර්ශයක් හෝ ද්වේශ ස්පර්ශයක්. එයින් ලැබෙන වින්දනය රාග හෝ ද්වේශ වින්දනයක්. මේ අනුව රාගය නිසා තණ්හාවත්, ද්වේශය නිසා පටිඝයත් (ගැටීමට බැඳීම) හටගන්නවා.
ඉන්පසුව තණ්හා පච්චයා උපාදානං යනුවෙන් තණ්හා සහගත බැඳීමක් හටගන්නවා. ද්වේශය නිසා පටිඝයක් ඇතිවුනා නම් පටිඝ පච්චයා අධිමොක්ඛෝ යනුවෙන් ගැටෙන බව මුදුන්පත් වෙනවා. මින් පසුව තණ්හා පච්චයා උපාදානයෙන් තණ්හා බවත්, පටිඝ පච්චයා අධිමොක්ඛෝ වීමෙන් ද්වේශ බවත් ඇතිවෙනවා. මේ අනුව භව පච්චයා ජාති යනුවෙන් මෙලොවදීම තණ්හා ජාතික පුද්ගලයෙක් හෝ අධිමොක්ඛෝ පච්චයා භව වශයෙන් ද්වේශ ජාතික දුෂ්ටයෙක් හෝ බිහිවෙනවා. මේ අනුව කෙනෙක් අවිද්‍යාව හේතුවෙන් ගොඩනැගූ සංඛාරවලට අනුව කර්ම භව මෙලොවදීම හටගෙන, උප්පත්ති භවයට අනුව ජාතියක් පහළවෙනවා. මේ අනුව කාමයන් පසුපස යාම නිසා තිරිසන් භවයක් ගොඩ නැගී තිරිසන් ජාතියක් උපදිනවා. එසේ නම් එවැනි කෙනෙක් මේ භවයේදීත් අනාථ වී මතු භවයත් අනාථ කරගන්නවා. මේ ආකාරයෙන් ක්ෂය බවට පත්වුනාම, වැනසුනා කියනවා. ඔහුට සතර අපායෙන් ගැලවීමක් නෑ. කෙනෙක් ඇත්ත දැක්කෙ නැත්නම් මෙසේ වැනසුනාට එපා වෙන්නෙත් නෑ.
දුක්ඛං භයට්ඨෙන
ඉපදීම දුකයි, ජරාවට පත්වීම දුකයි, මරණයට පත්වීම දුකයි, අප‍්‍රියයන් හා එක්වීම දුකයි, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, කැමති දෙයක් නොලැබීම දුකයි යනුවෙන් පෙන්වා තියෙන දුක, ලෝක සම්මත ආකාරයෙන් දැකීමෙන් දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ කරගන්න බෑ. ඕනෑම කෙනෙකුට මේ දුක දැනෙනවා, ඒ බව හඳුනනවා. ඒ දැනීම වේදනා චෛතසිකයෙනුත්, හැඳිනීම සංඥා චෛතසිකයෙනුත් වශයෙනුයි හටගන්නෙ. ත‍්‍රිලක්ෂණයෙන් පෙන්වූ දුක ප‍්‍රඥා චෛතසිකයෙන් අවබෝධ කර නොගත්තොත් දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ වෙන්නෙ නෑ. “දුක්ඛං භයට්ඨෙන” වශයෙන් ආර්ය විනයෙහි භයාර්ථයෙන් දුක දැනගත යුතුයි. සැප දුකක් ලෙස දකින්න කිව්වට කවුරුවත් පිළිගන්නෙ නෑ. ආස්වාදය ආස්වාදය ලෙසත්, ආදීනවය ආදීනවය ලෙසත්, නෙක්ඛම්මය නෙක්ඛම්මය ලෙසත් දකින ලෙසයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ.
යම්කිසි තැනක ක‍්‍රීඩා භාණ්ඩයක් ලෙස සකස් කරන ලද විනාශකාරී බෝම්බයක් තියෙනවා. එහි භයානක බව නොදන්නා කුඩා දරුවෙක් එය ගැනීමට ගොස් මරණය හෝ මරණය සමාන විපතකට පත්වෙන්න පුළුවන්. මෙසේ ප‍්‍රිය ස්වභාවයෙන් මධුර ස්වභාවයෙන් ආටෝප කරන ලද දේවල් ඇසුරු කරන්න ගියොත් මහා දුක් කම්කටොලූවලට භාජනය වෙන්න සිදුවෙනවා. මාළු අල්ලන පුද්ගලයෙක් මාළුවන් ප‍්‍රිය කරන රසවත් ඇමක් බිලී කොක්කෙහි අමුණා ජලයට දමා සිටින විට, එයට රැවටෙන මාලූවෙක් ඒ ඇම ගිලීමෙන් මරණයට හෝ ඒ හා සමාන දුකකට පත් වෙනවා. ඒ මාලු අල්ලන පුද්ගලයා රසවත් ඇම නොයොදා කොක්ක සහිත බිලී පිත්ත පමණක් දාගෙන හිටියට, මාලු බිලී කොක්කට අහුවෙන්නෙ නෑ. මේ ආකාරයෙන්ම ලෝක සත්ත්වයාත් මේ පංචකාම ආස්වාද නමැති ඇම ගිලලා මහා දුක් කන්දරාවක් අත්කරගන්නවා. මාලුවා මෝඩ කම නිසා ඇම ගිලින බව දකින මිනිසුන්ට, තමනුත් පංචකාම ආස්වාද නමැති ඇමකට කොටුවෙලා ඉන්න බව තේරුම් ගන්න ශක්තියක් නෑ. මේ ලෝකේ හැම තැනම අටවලා තියෙන්නෙ පංචකාම ආස්වාද නමැති ඇමවල් කියල ලෝක සත්ත්වයාට පේන්නෙ නැත්තේ ඒවායේ ප‍්‍රිය ස්වභාවයත් මධුර ස්වභාවයත් නිසයි. මේ මන වඩන ස්වභාවය නැත්නම් ලෝක සත්ත්වයා ඒවායේ ඇලෙන්නෙත් නැහැ කියලයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ.
එසේම උන්වහන්සේ දේශනා කරනවා, මේ පංචකාම වස්තුවල සැඟවුණු ආදිනවයක් තියෙන බවත්, එ්ක දකින්න නම් “දුක්ඛං භයට්ඨෙන” වශයෙන් දුක භයාර්ථයෙන් දැකිය යුතුයි කියලත්. මෙසේ පංචකාම ආස්වාදයන් මර උගුලක් කියල දැක්ක දවසට එපමණ කලක් ආසා කළ දේට භය වෙනවා. මේ ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙ ප‍්‍රඥාවෙන් පමණයි. මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධර්ම ඇසුරු කිරීමට ලෝක සත්ත්වයා හරි කැමතියි. මේ මන වඩන දේවල් ලෙඩ රෝග ඇතිකරවන, කැඩෙන, බිඳෙන, විනාශවන, විපරිනාමයට පත්වන, තමන් කැමති සේ පවත්වන්න බැරි දේවල් ලෙස, එ්වා ඇසුරුකිරීමට පෙර එ්වායේ ආදිනවයන් භයාර්ථයෙන් දැක්ක නම් මේවායින් මිදෙනවා. සැනසුමක් බලාපොරොත්තුවෙන් ගත්ත කිසිම දෙයක් සැනසුමක් දීල නෙමෙයි කෙළවර වෙන්නෙ. බල්ලන්ට අසුවන මස්කටු වගේ, උකුස්සන්ට අසුවුන මස් කැටි වගේ තමයි ලෝක පොරපිටියේ තියෙන තරඟකාරී දේවල්. මේවායේ ස්වභාවය නොදැන කෙනෙක් මේවා ඇසුරු කරන්න ගියොත් ඔහුට මහා පොරයකට මුහුණ දෙන්න වෙනවා. කොයි තරම් හොඳින් රක්ෂණය කළත්, කොයි තරම් හොඳින් පෝෂණය කළත්, එ්වා කැඞී බිඳී විනාශ වී යනවා.
මත්පැන්වලට පි‍්‍රය පුද්ගලයෙක් මත්පැන් බඳුනක් පානය කිරීමට සූදානම් වන විටෙක
කැමති නම් බොන්න ඕකෙ තියෙන මත්පැන්වලට වස මිශ‍්‍ර කරල තියෙනවා, බිව්වොත් මරණය හෝ මරණය සමාන දුකකට මුහුණ දෙන්න වෙනවා
කියල හිතවත් කෙනෙක් කිව්වොත් හා ඔහු ඒ වචනය විශ්වාස කළා නම්, කෙතරම් ප‍්‍රිය ජනක වුනත් ඒ මත්පැන් ඔහු බොනවද? යනුවෙන් බුදුපියාණන් වහන්සේ උපමාවක් දේශනා කරල තියෙනවා. ඔහුට එය බලෙන් පෙවීමට උත්සාහ කළොත්, ඔහු තමාට බලෙන් මත්පැන් පොවන්න හදනවා කියයිද? නැත්නම් වස පොවන්න හදනවා කියා කෑ ගසයිද? පංචකාම වස්තු මෙසේ වස යෙදූ මත්පැන් බඳුන් ලෙස දකින්න කියලයි උන්වහන්සේ දේශනා කළේ. තවත් අවස්ථාවක බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, දෙදෙනෙක් තවත් කෙනෙකු අල්ලාගෙන බලෙන් ඔහු ගිනියම් වූ අඟුරු වලකට ඇද දැමීමට හදන විටෙක ඔහු අඩියෙන් අඩියට පිටුපසට අදිනවා මිස ඒකට ඇද දමනවාට කැමති වෙයිද කියලා. මෙසේ ආස්වාද ගෙන දෙන දේවල් මහා භයානක ලෙස දකිනවටයි “දුක්ඛං භයට්ඨෙන” කිව්වේ.
අනත්තං අසාරකට්ඨෙන
ලෝක සත්ත්වයා අනන්ත සංසාර ගමනක් ඇවිත් තියෙන්නේ, අවිද්‍යාව නිසා ඇත්ත දැක්කෙ නැතුව මුලාවට පත්ව සිටි නිසයි. මේ සංසාර ගමන තුළ පංචකාම ආස්වාදයන් හරි සුන්දරයි, හරි වටිනවා කියල හිතාගෙන හිටියට අපට ලැබුණු හරයක් තියෙනවද? මමය, මාගේය කියල දිව්‍ය, බ‍්‍රහ්ම, මනුෂ්‍ය ආදී විවිධ ආකාරවල ශරීරයන් ලැබුවත් ඒ ශරීරවලට කුමක්ද සිද්ධ වුනේ? මගේ කියල ගොඩගහගත්ත සම්පත්තිවලට කුමක්ද සිද්ධ වුනේ? එවැනි උප්පත්ති තිබුණ බවක් වත් අපට දැන් මතක නෑ. ධාතු හතරකින් ගොඩ නැගිලා, ගෙවී ගිය ශරීර මිසක් වෙනත් දෙයක් දකින්න නෑ. මෙහෙම දැක්කම වටහාගන්නවා, මෙබඳු වන්නා වූ ලෝකය තුළ කිසිම සාරත්වයක් නෑ කියලා. ප‍්‍රියයි, මනාපයි සුන්දරයි කියල ඇසුරු කළ වස්තුවල සාරත්වයක් තිබුණද? එසේනම් යථාර්ථය කුමක්ද? මේ සියලූ දේ අසාරයි කියන එකයි “අනත්තං අසාරකට්ඨෙනංති” කිව්වෙ. ලෝකය තුළ අසාරත්වය දැකිය යුත්තේ මේ ආකාරයටයි. අනාත්මයි අනාත්මයි කිය කිය හිටියට මේ අසාරත්වය පේන්නෙ නෑ.
අනිච්ඡ, දුක්ඛ, අනත්ථ කියන ත‍්‍රිලක්ෂණය, කෙනෙක් මේ ආකාරයෙන් අවබෝධ කරගත්ත නම් ලෝකයට අයත් ඇස අසාරයි, සාරත්වයක් නෑ, කන අසාරයි, නාසය අසාරයි, දිව අසාරයි, කය අසාරයි, මන අසාරයි කියල දකිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන දේ තුළත් කිසිම සාරත්වයක් නෑ. මේවා මුලාවට පත්කරවන දේවල් කියා දකිනවා. මෙසේ අනිච්ඡු, දුක්ඛ අනත්ථ වශයෙන් ලෝකය යථාර්ථවත්ව දැක්ක දවසට දහම් ඇස පහළ වෙනවා. මෙතැනට පත් වුනාම කෙනෙක් සත්කාය දිට්ඨියෙන් මිදී යනවා. එසේ නැතුව උඩ යනවා දැකලා හරි, එළියක් දැකලා හරි සෝතාපන්න වෙන්න බෑ.
Wednesday, February 13, 2013
වැලන්ටයින් නොකියන කථාවක්...
වැලන්ටයින් නොකියන කථාවක්...!!!
හෙට අනිද්දා වැලන්ටයින් අපේ රටට එනවා. අපේ තරුණ තරුණියන්ගේ ඔලුගෙඩි ටික කුරුවල් කරලා මෙහෙම පදිංචි වෙනවා. ඊට කලින් මේ ටික කෙටියෙන් කියන්නම්. දැනගෙන සිටින්න.
ඇටෙන් පොත්තෙන් එන්ටත් කලින් පෙම් පලහිලවු වල පැටලෙන්ට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලින් නිතර නිතරම ළමා සහ තරුණ මනස විකෘති කිරීම හේතුවක් වී තිබෙනවා. තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතෙක් නැති වීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකන තැනට එම උමතුව පත්ව තිබෙනවා. ආදරය හැම සත්වයෙකුටම පොදු දෙයක්. එක එක්කෙනා ඒ ගැන එක එක දෙවල් කියයි.
එත් ඔය වැලන්ටයින්ලා ඔයාලාට කියලා දෙන්න දන්නේ නැති ගොඩාක් දෙවල් තියෙනවා. ඒක තමයි සම ශ්‍රද්ධා, සම ශීල, සම දහම් දැනුමක්, සම ත්‍යාග, සම ප්‍රඥ්ඥා තියෙනවානම් නිර්වාණය දක්වාම ඒ අය නැවත මුනගැසෙන බවත් ඒ ධර්මයන් වැඩීමෙන්ම ඉතාමත් සතුටින්, සැපවත්ව, සුවසේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩී දෙදෙනාම සියළු සසර දුක් අවසන් කරන බවත්.
ඉතින් වැලන්ටයින්ලා මොනවා කිව්වත්, උදේ හිට රෑ වෙනකල් මොට්ට ගැහැණු මාධ්‍ය අරක්ගෙන පොශ් වෙලා මොනවා කිව්වත්, පිස්සු නවකතා කාරයෝ මොනවා ලිව්වත්, දුස්සීල ගායක ගායිකාවො තම දුස්සීල ජීවිත ගැන ලස්සනට සින්දු හදාගෙන රස කර කර කිව්වත්,මගේ ඔලුවනම් මම කුණු කරගන්නේ නැහැ කියලා හිතට ගන්න.
තරුණ ඔබ දෙදෙනම භාග්‍යවතුන් වහන්සෙ මුළු හදින්ම සරණ යන්න, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත් සරණ යන්න, ඒ උතුම් අෂ්ඨාර්‍ය පුද්ගල මහා සංඝරත්නය සරණ යන්න, එවිට පින් ගංගාවන් තුනක් ඔබේ ජීවිතයට ගලනවා. ඒ කරලා උතුම් පංච ශීලය සමාදන්ව රකින්න, හැකි විටකදී උපෝසථය වැනි උසස් ශීලයක් හික්මෙන්න, එවිට පින් ගංගා හතරක් දිවා රාත්‍රී ඔබේ ජීවිතයට ගලනවාමයි. ටිකින් ටික ධර්ම ඤාණය දියුණු කරගන්න පොත පත කියවන්න ධර්ම දේශනා වලට සවන් දෙන්න ගෞරවයෙන් ධර්මය සාකච්චා කරන්න ජීවිතයේදී ඕනෑම දෙයකට මුහුණ දෙන්නට අවශ්‍ය ආයුධ ගබඩාව බවට එය පත් වේවි. හැකි සෑම විටකම ඇති විටත් නැති විටත් අල්පමාත්‍ර දෙයක් හෝ දන් දෙන්න පින මෝරාවි. බින්දුවෙන් බින්දුව නමුත් එක දිගටම පිරෙනවානම් කලය පිරෙනවා වගේ ජීවිතය පිනෙන් පිරේවි. එකතු කරගත් ධර්ම දැනුම නුවණින් නිතර විමසන්න ප්‍රඥ්ඥාව වැඩේවි. ජීවිතය සුවපත් වේවි දන්නේම නැතිව. අන්තිමට මැරිලා පලච්චහම වැලන්ටයින්ලා එන්නේ නැහැ ඔබව සුගතිගාමී කරන්න. නමුත් අර ශ්‍රද්ධාවට පුළුවනි ඒක කරන්න. ශීලයට, ධර්මයට, දානයට, ප්‍රඥ්ඥාවට ඒවායෙන් රැස් වූ පිනට පුළුවනි ඔබව සුගතිගාමී කරන්න, සැපවත් කරන්න.
වැලන්ටයින්ලා කියන පදේට නටන්න ගියොතින් ඔබට මේ ජීවිතෙත් අපායක් වෙලා හිස් අතින්ම මිය ගිහින් දුගතියේ යන්නට සිදු වේවි. ඉතින් ඒ වගේ අවාසනාවන්ත දෙයක් ඔබට සිදු නොවේවා.
වැලන්ටයින් ආපසු රට පටවා වීසා නොදී අසාදු ලේඛණයට ඇතුලත් කරමු...!!!
Thursday, February 7, 2013
L O V E ටියුෂන්
LOVE ටියුෂන්
මල් මල් චීත්තේ ඇතුලේ නිදියන්න
කොනිත්තලා දුවලා ගොස් හැංගෙන්න
බබීව හොයලා ආදරයෙන් ඉඹගන්න
බබා මවන හීනය ඔහොමයි ඉන්න
හයියෙන් බදාගෙන බබාව මිරිකන්න
රිදුණා වගේ පෙන්නලා ආදරේ ගන්න
කම්මුල් ඉම්බේ ඒ රිදුණට හරියන්න
බබීගේ ආදරේ හැටි ඕකයි ඔන්න
පාරේ යන විටදී අත් වැල් පටලන්න
හිඳගෙන සිටින විට කරවට අත යන්න
නිදියන විටදී තුරුලේ හිඳ නලවන්න
ආසම තැනදී කවි කියවිලි නවතන්න
Wednesday, February 6, 2013
L O V E
ආදරය යනු ?
ආදරය යනු කුමක්ද?
ඇසුවොත් ඔබෙන් කුමක් වේද පිළිතුර?
ම්..හ්.. කාටවත් බෑ ,
නිර්වචනය කරන්න ' ආ ද ර ය '
එහෙනම් මේ මිනිස්සු කියන්නෙ...?
ආදරේ අන්ධයි, බොළඳයි, උන්මාදයි, සුන්දරයි, පූජනීයයි කියලා....
අත්දැකීම.....!
ඒ ඒගොල්ලො ආදරේ අත්දැකලා තියෙන හැටි...
ඇස් දෙක පියාගෙන ආදරේ කරපු අය කියනවා
ආදරේ අන්ධයිලු.....!
6, 4 නොදන්න විදියට ආදරේ කරපු අය කියනවා
ආදරේ බොළඳයිලු.....!
පිස්සු හැදිලා වගේ ආදරේ කරපු අය කියනවා
ආදරේ උන්මාදයිලු.....!
ලස්සනට, පවිත්‍රව ආදරේ කරපු අය කියනවා
ආදරේ සුන්දරයිලු.....!
අධ්‍යාත්මයෙන්ම ආදරේ කරලා ආදරේ දිනපු අය කියනවා
ආදරේ පූජනීයයිලු.....!
එතකොට ඔබෙන් ඇහුවොත් මම
ආදරය යනු ?
Subscribe to:
Comments (Atom)






