Friday, April 12, 2013

සිත හදා ගමි ඔබෙන් නික්මෙන්නට...


ඔබෙන් නික්මෙන්නට......!!!



පිදු නොයිදුල් සෙනෙහස තබා පූජාසනයක......

හොවා ඔබ පා යුගල මත
පැතුම් පැතුවත් ලග රැදෙන්නට......

ඇවිලුනු රාග ගිනි දැල් මත
අයාලේ ගිය නුඹේ ඔය සිත......

හදුනා ගන්නට නොහැකි වූ මට
පති දම් රැක්කෙමි සත්තකින් මම......

සියල්ල දැනුනෙමි දිනෙක මට
දැවී අලුවිය සියලු පැතුමන්
කදුලු ගoගා ගලා යන විට
සිත හදා ගමි ඔබෙන් නික්මෙන්නට.......


[ මාගේ යෙහෙලියක්ගේ අත්දැකීමක් මත කෙටුවෙමි... ]
 මෙවන් පිරිමින් පිරිමිකමටත් නිග්‍රහ කරයි...

4 comments:

  1. හ්ම්ම්ම්ම්ම්..හිත හදා ගමි නික්මෙන්නට...

    ReplyDelete
  2. හිත හදාගත්තනම් සතුටුයි :P

    ReplyDelete