ඔයාගෙ පණ වගේ හිටපු ආදරය ඔයාව දාල ගිහිපු මොහොතක ඔයාට දැණුන හැඟීම මොනවගේද ඒ හැඟීම වචනයෙන් කියන්න බෑ... ඒත් ඒ වේදනාව වචනයෙන් ලියන්නම්...!
උත්තරීතර ආදරයක මතකය කොච්චර ලස්සන උණත් අහිමි ප්‍රේමය දැනෙන වාරයක් පාසා නෙතට කඳුළු උණනවා. වෙනද නොදැනුණ අමුතු තනිකමක් හිස් බවක් හිතට දැනෙනවා. සමහර දවස් වලට රෑට නින්දයන්නෙ නෑ, ඒ මතකය සැරෙන් සැරේ ඇවිත් සිත ගාව හොල්මන් කරනවා.අමතක කරන්න කියල ඇස්දෙක පියාගත්තාම ඇස් පියන් යට එයාගෙ රූපෙ මැවි මැවී පේනවා. ඒ වෙලාවට නෙත අඬපු තරම් දන්නෙ බදන් හිටපු කොට්ටය තමයි. දවසෙ කිසිම වැඩක් හරියට කරගන්න බෑ. නිරන්තරයෙන් එයාව මතක් වෙදදි, දකින දකින හැමතැනම, බලන බලන හැමතැනක දීම දකින්නෙ එයාව නේද. මයාවක් වගේ හැමතැනම ඉන්නව වගේ දැනෙනවා. හිත හදාගන්න කියල කට කිව්වත්, කොල පිරෙන්න මොනව ලිව්වත්, ෆෝන් එකට එවපු මැසේජ් ඩිලීට් කරලා දාන්න උත්සාහ කරත්, මතක්වෙන්න දීපු හැමදෙයක් ම පුච්චල දාන්න හැදුවත් කොහොම කරන්නද. සන්තකටම තිබුණු හිත බිදිල ගියාට කොහොමද එහෙම කරන්නෙ. මොනව කරත් ආදරය කරපු හිතකට වෛර කරන්න රිද්දන්න නම් හිතන්න වත් බෑ නේද. ඉන්න තැනක හොඳින් ඇති කියල හොඳින් ඉන්න කියලා දෙයියො බුදුන් ඉදිරියේ කඳුළු පුරවන් කරපු ප්‍රාර්ථනා වලට ඉඩ දීල බලන් ඉන්නවා මිසක් වෙන මොනව කරන්නද. කන්නෙ බොන්නෙ නැතුව පැත්තකට වෙලා කල්පනා කරකර ඉන්නකොට අම්ම බැනපු තරම් අනන්තයි. කවුටු හරි කියපු විරහ ගීතයක් තමන්ගෙ කරගෙන, රෑ නොනිදා කටපාඩම් වෙනකන් ඒක අහපු, අහල හිතේ දුකට අඬපු වාර ගණනත් අනන්තයි අප්‍රමාණයි. සමහර දේවල් ලියන්න බැරි තරමට සංවේදී නිසා නොලියන්න හිතුවා. හදවත සිදුරු කරගෙන ලේ, ඇට, මස්, නහර හරහ ගිහිපු ආදරයේ වේදනාව දරාගන්න බැරිම තැන අන්තිමේදි ජීවිතයෙන් පලා යන්න හිතපු අවස්ථාත් නැතුවම නෙමෙයි නේද...
ගෙවුණු ආදරණීය මතකයට ආදරයෙන් සමුදීලා කඳුළු අමතක කරලා "මගේ පාඩුවේ ඉන්නව මං" කියන තැනට හිත අරන් යන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද. මේ විදිහට කොච්චර නම් දේවල් ලියන්න පුළුවනිද. නොලියූ දේ බොහෝමයි. දැනට ඔය හොඳටම ඇති. මං මෙතනින් නවතින්නම්. තෙරුවන් සරණයි...!

හ්ම්ම් ආදරයේ උණුහුම ළඟ දුක දැනෙන්නේ නෑ
ReplyDeleteඒ වගේමයි විරහවේදී දැනෙන දුක කියාගන්න බෑ
ලස්සනට ලියලා තියනවා !
හැමදේම හොඳින් විසඳිලා මැණික ආපහු ඔයාගෙම වෙන්න කියලා පතනවා ! ජය !!!
Thank you Brother ;)
DeleteThat's the case of most of the Boys. They've been paid inhumanely for being too honest. Cheaters don't feel like that. Only true lovers feel so.
ReplyDeleteYou got the point... Totally agree with you thanx :)
Deleteමට දැනෙන්නෙත් මේ හැගීම් මයි.එයා මාව දාලා ගියේ නැහැ.ඒත් එයාලගේ ගෙදරින් එන ප්‍රශ්න නිසා එහෙම දෙයක් වෙයිද කියලා ගොඩාක් බයයි.එයාව ගොඩාක් විශ්වාස කරගෙන ජීවිතය ඉදිරියට ගෙනියනවා තාම.
ReplyDeleteමෙ ලියලා තියෙන්නෙත් මං ගැනමයි කියලාමයි මට හිතෙනනේ bro y මෙහෙම වෙන්නේ කිසිම හේතුවක් නැතුව හිටපු ගමන් දාලා යන්නේ......
ReplyDeleteදැන් තත්වේ මොකද? ඔයා තාම තනිකඩ ද? :)
ReplyDeleteඅමතක කරන්න බැරි හිත් එක්ක තාමත් ජිවත් වෙනවා. ඒ මැද්දෙන් මතකයන් පරිස්සමට තියාගෙන ඉන්න්වා
ReplyDelete