Thursday, February 7, 2013

L O V E ටියුෂන්



LOVE ටියුෂන් 



මල් මල් චීත්තේ ඇතුලේ         නිදියන්න
කොනිත්තලා දුවලා  ගොස්     හැංගෙන්න
බබීව හොයලා ආදරයෙන්         ඉඹගන්න
බබා මවන හීනය ඔහොමයි            ඉන්න

හයියෙන් බදාගෙන බබාව        මිරිකන්න
රිදුණා වගේ පෙන්නලා ආදරේ       ගන්න
කම්මුල් ඉම්බේ ඒ රිදුණට         හරියන්න
බබීගේ ආදරේ හැටි ඕකයි              ඔන්න

පාරේ යන විටදී අත් වැල්          පටලන්න
හිඳගෙන සිටින විට කරවට අත       යන්න 
නිදියන විටදී තුරුලේ හිඳ          නලවන්න
ආසම තැනදී කවි කියවිලි          නවතන්න

3 comments:

  1. මේකේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න ! සෙටින්ග්ස් වල කමෙන්ට්ස් වල තියෙන්නේ :-) !

    ReplyDelete